මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 50ක්

මහ කන්නයේ වී කිලෝවක් රුපියල් 50කට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

by Staff writer 23-01-2020 | 7:53 AM

COLOMBO (News 1st): මහ කන්නයේ වී කිලෝවක් රුපියල් 50 කට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ, කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. එම යෝජනාවට අනුව තෙතමනය සහිත වී කිලෝවක් රුපියල් 45 කට මිලදී ගනු ඇති. ඒ, අනුව වී අලෙවි මණ්ඩලය සහ දිසාපතිවරුන් මාර්ගයෙන් අදාළ මිල ගණන් යටතේ වී තොග මිලදී ගැනීමට නියමිත ය.