මහවදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මහවදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

by Staff writer 23-01-2020 | 3:49 PM
COLOMBO (News 1st) : මහව, වතුපොළගම ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් අද උදෑසන පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය. එලෙස මිය ගියේ එම ප්‍රදේශයේම පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. උදෑසන සිය කුඹුරට ගොස් යළි නිවෙස බලා පැමිණෙමින් සිටියදී ඔහු වන අලි ප්‍රහාරයට ලක්ව ඇතැයි, අප වාර්තාකරු සඳහන් කළේ ය. අද උදෑසන ප්‍රදේශයේ වන අලි තිදෙනෙකු පමණ සැරිසරමින් සිට ඇති අතර ඉන් එක් අලියෙකු මෙම පුද්ගලයාට පහරදී ඇත්තේ ඔහුගේ නිවස ආසන්නයේදීයි.