බැඳුම්කර වංචාවල තරම හෙළි කළ වෝහාරික විගණනය

බැඳුම්කර වංචාවල තරම හෙළි කළ වෝහාරික විගණනය

by Staff writer 23-01-2020 | 10:02 PM
COLOMBO (News 1st) : බැඳුම්කර නිකුතුවන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් කළ වෝහාරික විගණන වාර්තාව මේ වන විට පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර තිබේ. එම වාර්තාව මඟින් අනාවරණ කරන්නේ පසුගිය අවුරුදු ගණනාව තුළදීම බැදුම්කර නිකුත් කිරීම් තුළින් විශාල මහජන මුදල් ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බවයි. මේ අතර ඇමුණුම් හා ප්‍රදර්ශන නොමැතිව වෝහාරික විගනන වාර්තා අසම්පූර්ණ බව කථානායක කරු ජයසූරිය මහතා මහබැංකු අධිපතිවරයාට දන්වා තිබේ. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුනේ කථානායකවරයාගේ නියෝගය මත පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා මහබැංකු අධිපතිවරයාට මේ සම්බන්ධයෙන් දන්වා ලිපියක් යවා ඇති බවයි. එම ලිපියෙන් දන්වා ඇත්තේ සම්පූර්ණ විගනන වාර්තා පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙසයි. https://www.facebook.com/NewsfirstSL/videos/220719222271288/