කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය යළි ගොවිජන මන්දිරයට

by Staff writer 23-01-2020 | 1:42 PM

COLOMBO (News 1st): කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය අද බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට රැගෙන ගියේය.

ඉකුත් රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරය සිට රාජගිරිය පෞද්ගලික ගොඩනැගිල්ලකට ගෙනයාම සම්බන්ධයෙන් දැඩි ආන්දොලනයක් ඇතිවිය. කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සිය කටයුතු අද නැවතත් ගොවිජන මන්දිරයේදී ආරම්භ කළේය.