අඹන්පොළදී බන්ධනාගාර බසයක් ලොරියක ගැටී 12කට තුවාල

අඹන්පොළදී බන්ධනාගාර බසයක් ලොරියක ගැටී 12කට තුවාල

by Staff writer 23-01-2020 | 5:09 PM
COLOMBO (News 1st) : අඹන්පොළදී බන්ධනාගාර බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අනතුරින් බස් රථයේ රියැදුරු ඇතුළු නිලධාරීන් තිදෙනෙකු හා සැකකරුවන් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. අඹන්පොළ කළුවිලපතාන ප්‍රදේශයේදී ගල්ගමුව අධිකරණයේ සිට මහව බන්ධනාගාරය වෙත සැකකරුවන් රැගෙන ගිය බස්රථය මෙම අනතුරට ලක්ව තිබේ. ලොරි රථය අතුරු මාර්ගයක සිට පිටුපසට ප්‍රධාන මාර්ගයට ධාවනය කිරීමේදි බන්ධනාගාර බස් රථය එහි ගැටී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.