by Staff writer 23-01-2020 | 7:38 AM
COLOMBO (News 1st): තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එහි නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය සේවාවල නිරත වෘත්තිකයින්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් දීමේ යෝජනාවක් ද ඊට ඇතුළත් බව ය.
මේ යටතේ පෞද්ගලික අංශවල සෞඛ්‍ය සේවකයින්, ජනමාධ්‍යවේදීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින් රැසකට තැපැල් ඡන්ද හිමිකම ලැබෙනු ඇති.
මේ අනුව එවැනි පුද්ගලයින්ට සතියකට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදාකරමින් පූර්ව ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම ද, නව සංශෝධන අතරට අයත් තවත් යෝජනාවකි.
විශේෂ ඡන්ද පොළ හිමිකම ලබාදීම ද තවත් යෝජනාවක් වේ.
ජාතික මැතිවරණ කොමිසමේ නීති අධ්‍යක්ෂ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමට අදාළ නීතී සංශෝධන, ඉදිරියේදී ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කරන බව ය.