'හතේ අපේ පොත' ගැන පාර්ලිමේන්තුව වාර්තාවක් කැඳවයි

'හතේ අපේ පොත' ගැන පාර්ලිමේන්තුව වාර්තාවක් කැඳවයි

by Staff writer 22-01-2020 | 7:29 AM

COLOMBO (News 1st): 7 වැනි ශ්‍රේණියේ සිසුන් අතර ප්‍රජනන සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා බෙදා හැරීමට සැලසුම් කර තිබූ 'හතේ අපේ පොත' සම්බන්ධයෙන් මසක් ඇතුළත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර තිබේ.

ඒ, අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී ය. අතිශය සංවේදි ගැටළුවක්වන ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ සිසුන් දැනුවත් කිරිම පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කිරිමට ද එම රැස්වීමේදි එකඟතාවට පැමිණ තිබේ. මෙම ග්‍රන්ථ සිසුන් අතට පත්වීම වැළැක්වීම සඳහා අධ්‍යාපන අමත්‍යාංශය පියවර ගත්ත ද මේ වනවිට මුද්‍රණය කළ ග්‍රන්ථ 350,000න් 325,000ක් ම බෙදා හැර ඇති බව ද මෙම සාකච්ඡාවේදි අනාවරණය විය. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද හිමියන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ඇතුළු භික්ෂූන් වහන්සේලා අධ්‍යාපන ප්‍රකාශක දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු පිරිසක් මීට සහභාගී වී තිබේ.