වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 කට සිතාසි

වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි

by Staff writer 22-01-2020 | 5:11 PM

COLOMBO (News 1st) - හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට අනිද්දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද සිතාසි නිකුත් කර තිබේ.

ඒ, තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ නඩුවට අදාළවයි. එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් සළකා බැලු චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා හා නවරත්න මාරසිංහ යන විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය. ඒ අනුව අනිද්දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, රියර් අද්මිරාල් ඩී. කේ. පී දසනායක ඇතුළු විත්තිකරුවන් 14 දෙනාට එලෙස සිතාසී නිකුත් කෙරුණි.