by Staff writer 22-01-2020 | 7:33 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය දුරකතන සංවාද ඇතුළත් CD තැටි පාර්ලිමේන්තුව වෙත භාර දී තිබේ.
පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, CD තැටි 5 ක් එලෙස මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට භාර දුන් බවයි.
CD තැටි මේ වන විට පාර්ලිමේන්තු හැන්සාඩ් සංස්කාරකවරයාට භාර දී ඇති අතර ඒවා පාර්ලිමේන්තු පුස්තකාලගත කිරීමට නියමිත බව ද එම නිලධාරියා සඳහන් කළේ ය.