යාපනයේ වෛද්‍ය ශිෂ්‍යාවක් ඝාතනය කෙරේ

යාපනය සරසවියේ වෛද්‍ය ශිෂ්‍යාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

by Staff writer 22-01-2020 | 4:26 PM

COLOMBO (News 1st) - යාපනයේදී වෛද්‍ය ශිෂ්‍යාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඇය යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවියක් බවයි. ශිෂ්‍යාවගේ පෙම්වතා විසින් තියුණු ආයුධයකින් ඇගේ ගෙල ප්‍රදේශයට පහරදී මෙම ඝාතනය සිදු කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පරන්තන් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ හමුදා සෙබළෙකි.