මැතිව්ස්ගෙන් ද්විත්ව ශතකයක්

මැතිව්ස්ගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි

by Staff writer 22-01-2020 | 10:40 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සිව්වැනි දිනටත් අද පැවැත්විය.

අද දිනය අවසන් වනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙක් නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 30 ක්. හරාරේහීදි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම රැස් කළ ලකුණු 358 ට පිළිතුරු ලෙස සිව්වැනි දිනය සඳහා අද ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කට ලකුණු 295ක් රැස් කරගෙන සිටියේ ය. 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ධනංජය ද සිල්වා රැස් කළ ලකුණු සංඛ්‍යාව 63ක්. ඇන්ජලෝ මැතිව්ස් සහ සිල්වා ශ්‍රී ලංකා පස්වැනි කඩුල්ලට ලකුණු​ 98ක සබඳතාවක් ගොඩනැගුවේ ය. නිරෝෂන් දික්වැල්ල අද වාර්තා කළේ 15 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. ඔහු ලකුණු 63කට දැවී ගියේ ය. දික්වැල්ල සහ මැතිව්ස් අතර 6 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 136ක්. මැතිව්ස් අද මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කළේ ය. පන්දු 468 කදී ඔහු රැස් කළ එම ද්විත්ව ශතකයට 4 පහර 16ක් සහ 6 පහර 3ක් ඇතුළත්ය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 515ක් රැස් කරගෙන සිටියදීයි. සිකන්දර් රාසා සහ වික්ටර් නියුචි කඩුලු 3 බැගින් දවා ගත්තේ ය.