මහජන සාමය වෙනුවෙන් වූ ගැසට් නිවේදනය දීර්ඝ කෙරේ

මහජන සාමය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව යෙදවීමේ අති විශේෂ ගැසට් නිවේදනය මසකින් දීර්ඝ කෙරේ

by Staff writer 22-01-2020 | 12:41 PM

COLOMBO (News 1st): මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයිනපුරා තව දුරට ත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කර තිබේ.

ඒ අනුව, අද සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මසකින් එම නියෝගය දීර්ඝ කර තිබේ. හදිසි නීතිය ඉවත් කිරිමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු අතර පසුව මාසිකව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබේ. මීට පෙර මෙම නිවේදනය පසුගිය දෙසැම්බර් 22 වැනිදා නිකුත් කෙරිණි.