මුන්දලමෙන් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 170ක් සොයා ගනී

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ වැටලීමකින් මුන්දලමේදී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 170ක් සමග තිදෙනෙකු දැලේ

by Staff writer 22-01-2020 | 12:01 PM

COLOMBO (News 1st): පුත්තලම, මුන්දලම ප්‍රදේශයේ කළ වැටලීමකින් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 170 ක් සමග සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් කළ මෙහෙයුමකිනි. නාවික හමුදාව ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව අද අලුයම වැටලීම සිදු කෙරිණි. එහිදී යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් පාලවිය ප්‍රදේශයේදී පරීක්ෂාවට ලක් කර ඇති අතර බස් රථයේ ව්‍යාජ පතුලක් තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ ගංජා තොගය සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේය. එම කාර්යංශය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දැනට ප්‍රශ්න කරගෙන යන බව ය. මේ අතර ලද තොරතුරකට අනුව පුත්තලම තැපැල් කාර්යාලයට පාර්සල තැපෑල හරහා ලැබී තිබූ මොරින්ගා නැමති මත්ද්‍රව්‍ය පාර්සලයක් ලබා ගැනීමට පැමිණි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් මග රැක සිට කළ පරීක්ෂාවකදී ය. එම පාර්සලයේ තිබී සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 18කි. මොරින්ගා නැමති මෙම මත්ද්‍රව්‍ය විශේෂය ඉතියෝපියාව වැනි රටවල ජනප්‍රිය මත්ද්‍රව්‍යයක් බව ද පොලීසිය සඳහන් කළේය.