පළාත් කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

පළාත් කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

by Staff writer 22-01-2020 | 11:08 AM

COLOMBO (News 1st): දිවයිනේ නිරිතදිග කොටසේත්, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත්, වැසි වාර කිහිපයක් ඇතිවන අතර, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ය. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි වේ. සබරගමුව පළාතෙත්, කළුතර, ගාල්ල , මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි, තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර පොතුවිල් සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශ සහ දිවයිනට බස්නාහිර දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බැවින් ධීවර කටයුතුවල නිරත වීමේදී විමසිලිමත් වන්නැයි, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය. එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර, ආරක්ෂිත උපක්‍රම අනුගමනය කිරිම අනිවාර්ය බව ය.ක