පදවිය ප්‍රාදේශීය සභාවේ වහලයට නැග මන්ත්‍රීවරයෙක් විරෝධතාවක

by Staff writer 22-01-2020 | 7:49 PM

COLOMBO (News 1st) - හඬපට ගැන පාර්ලිමේන්තුවේදී වාදවිවාද ඇතිවෙද්දී රජයේ ආයතන ගණනාවකට ප්‍රධානීන් පත් නොකිරීමෙන් පදවිය ජනතාව පීඩා විඳිමින් සිටි.

අනුරාධපුර, පදවිය ප්‍රාදේශීය සභාවේ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් අද එම සභාවේ වහලය මතට නැගී විරෝධතාවයක නිරත විය. මන්ත්‍රීවරයා මෙලෙස විරෝධය දක්වමින් පෙන්වා දුන්නේ, පදිවියට ප්‍රාදේශීය ලේකම්වරයෙක්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙක් හෝ ගණකාධිකාරීවරයෙක් නොමැති බවයි. පොලීසියේ ස්ථානාධිපති ධුරය ද පුරප්පාඩුවී ඇතැයි මේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය. ප්‍රාදේශීය ලේකම්වරයාගේ පුරප්පාඩුවට මේ වනවිට මාස 3 ක් ඉක්මවා ගොස් තිබේ.