අඩි 1132 ක් යට මාරාන්තික උපවාසය තවදුරටත්....

by Staff writer 22-01-2020 | 7:55 PM

COLOMBO (News 1st) - දොඩම්ගස්ලන්ද, කහටගහ පතලේ සේවය කරන කම්කරුවන් ඊයේ ආරම්භ කළ මාරාන්තික උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි.

කහටගහ පතලේ කම්කරුවන් පිරිසක් ඊයේ පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ, වැටුප් විෂමතා, දීමනා, නිවාඩු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි. ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් සමාගමට අයත් අදාළ මිනිරන් පතලේ අඩි 1132 ගැඹුරට ගමන් කරමින් ඔවුන් සිය මාරාන්තික උපවාසය ආරම්භ කළ අතර කම්කරුවන් 60 දෙනෙකු ඊට එක් ව සිටියහ. උපවාසයේ නිරත කම්කරුවන් පවසන්නේ, විසඳුම් නොලැබෙන්නේ නම් මිණිරන් පතලේ අඩි 2000 ක් දක්වා පහතට ගමන් කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බවයි. මේ පිළිබඳව ආණ්ඩුවේ සමමාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් මාධ්‍යවේදීන් අද කොළඹදී ප්‍රශ්න කළේ ය.