by Staff writer 21-01-2020 | 11:57 AM
COLOMBO (News 1st): කොබෙයිගනේ ප්‍රදේශයේදී සුනඛයෙකුට වෙඩි තබා අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ, සැකකරු ඊයේ නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සත්ත්ව ගොවිපලක් තුළ අමානුෂික ලෙස වායු රයිෆලයකින් සුනඛයෙකුට වෙඩි තබා පහරදීම පිළිබඳව මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයක් සම්බන්ධව කොබෙයිගනේ පොලීසියට දුරකතනය ඔස්සෙ ලද තොරතුරක් අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.
පොලීසිය පැවසුවේ සිද්ධියට අදාළව එම සත්ත්ව ගොවිපලේ සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පසුගිය 16 වැනිදා නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බව ය.
ඒ, අනුව ගොවිපලේ මුරකරු පෙරේදා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු සතු වායු රයිෆලය ද පොලීසිය භාරයට ගෙන තිබුණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් අප පසුගියදා සිදු කළ වාර්තාව පහත දැක්වේ.