ගානියා වැනිස්ටර්ගේ ජංගම දුරකතනය රජයේ රස පරීක්ෂකට

ස්විස් තානාපති නිලධාරිනියගේ ජංගම දුරකතනය රජයේ රස පරීක්ෂකට

by Staff writer 21-01-2020 | 5:31 PM

COLOMBO (News 1st) - පැහැර ගැනීමට ලක් වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකා ගානියා වැනිස්ටර් භාවිත කළ ජංගම දුරකතනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා විශ්ලේශන වාර්තාවක් කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත්වරිය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේ, අදාළ විශ්ලේශන වාර්තාව රහස්‍ය වාර්තාවක් ලෙස අධිකරණයට සහ නීතිපතිවරයාට ලබාදෙන ලෙසයි. සැකකාර ගානියා වැනිස්ටර් පැහැර ගැනීමට ලක්වූවේ යැයි කියන කාලයේ ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදිනියක වන දරිසා බැස්ටියන් නැමැත්තිය සමග දුරකතනයෙන් සම්බන්ධ වී ඇති බව විමර්ශන නිලධාරීන් අද අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.