සජිත් සමග සාකච්ඡාවකට එජාප ආසන සංවිධායකවරු අද කොළඹට

සජිත් සමග සාකච්ඡාවකට එජාප ආසන සංවිධායකවරු අද කොළඹට..

by Staff writer 21-01-2020 | 6:52 AM

COLOMBO (News 1st): එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබේ.

මෙලෙස ආසන සංවිධායකවරුන් කැඳවා තිබෙන්නේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හමුවක් සඳහාය. මේ අනුව අද සවස 3.00ට පාර්ලිමේන්තු සංකිර්ණයේදි එම හමුව පැවැත්වීමට නියමිත ය. එහිදී ඉදිරි මහමැතිවරණය සඳහා පක්ෂයේ සූදානම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කිරිමට නියමිත බව සඳහන් වේ. මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ය. ඒ, එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ඉදිරි පාර්ලිමේන්තු සතියේදි ගනු ලබන කරුණු පිළිබඳව සාකච්ඡා කිරිමට නියමිතය.