දේශීය ආදායම් පනත සංශෝධනයට අනුමැතිය

දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

by Staff writer 21-01-2020 | 5:49 PM

COLOMBO (News 1st) - දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි. සරල, විනිවිදභාවයෙන් යුත්, කාර්යක්ෂම බදු ක්‍රමයක් යළි නිර්මාණය කරන බවට වූ පොරොන්දුව මත එම ක්‍රියාමාර්ගය ගත් බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඒ අනුව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. දේශීය ආදායම් පනතට ගෙන එන එම නව සංශෝධනය යටතේ රඳවා ගැනීමේ බද්ද රුපියල් 250,000 ක් දක්වා නිදහස් කිරීමට නියමිත වේ. උපයන විට ගෙවීමේ බද්ද සඳහා වන සීමාව රුපියල් 100,000 සිට රුපියල් 250,000 ක් දක්වා ඉහළ දැමීම ඇතුළු බදු සහන රැසක් ඊට ඇතුළත් බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.