විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කෙරේ

දුරකතන සංවාද හේතුවෙන් විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කෙරේ

by Staff writer 21-01-2020 | 6:18 PM

COLOMBO (News 1st) - රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාද පැවැත්වූ බව කියන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කර තිබේ.

ඒ, ජනාධිපතිවරයාගේ අනුමැතියට යටත්වයි. මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් පසුගිය දා අධිකරණ සේවා කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත සිය නිර්දේශ යොමු කළේ ය. අදාළ නිර්දේශ සඳහා ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතා සිය අනුමැතිය ලබාදීමෙන් පසු ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කළ බව අධිකරණ සේවා කොමිසම පවසයි.