සිම්බාබ්වේ පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්

සිම්බාබ්වේ පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්

සිම්බාබ්වේ පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්

කර්තෘ Staff writer

21 Jan, 2020 | 7:54 am

COLOMBO (News 1st): තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තුන්වන දිනය අදයි.

දෙවන දිනය සඳහා ඊයේ දිනයේදී තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛයාව 42කි.

හරාරේහීදී පැවැත්වෙන තරගය ඊයේ දිනය සඳහා ආරම්භ කරන විට කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සිම්බාබ්වේ ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සඳහා කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 189කි.

ඒ අනුව, සත්කාරක සිම්බාබ්වේ ක්‍රීඩකයින් පන්දුවාර 148 ක් අවසානයේ සියලු දෙනා දැවී සිය පළමු ඉනිම සඳහා ඊයේ දිනයේදී ලකුණු 358ක් රැස් කළේය.

මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ප්‍රින්ස් මෂුවාරි ලකුණූ 55 ක් රැස් කළ අතර කෙවින් කසූසා ද සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු ගණන 63කි.

සිව්වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ක්‍රෙග් අර්වින් ලකුණු 85ක් ලබා ගත්තේය.

සිම්බාබ්වේ කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම මෙම තරයේදී අර්ධ ශතක වාර්තා කළ අතර එවැනි දස්කමක් දැක්වීමට ඉතිහාසයේ සිම්බාබ්වේ ක්‍රීඩකයින් සමත් වූ පළමු අවස්ථාව මෙයයි.

සිකන්දර් රාසා ලකුණූ 41 ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඩොනල්ඩ් ට්‍රිපානෝ ලකුණු 44 ක් රැස් කරගෙන සිටියේය.

පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුළු 5ක් දවාගත් අතර සුරංග ලක්මාල් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ළහිරු කුමාර කඩුලු 2ක් දවා ගත්තේය.

අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිම අරඹමින් නායක දිමුත් කරුණාරත්න හා ඕෂධ ප්‍රනාන්දු පිටියට පිවිසියේය.

ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 32 කට සීමා කරමින් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 21කට දැවී ගියේය.

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක දිමුත් කරුණාරත්න ලකුණු 12ක් රැස් කරගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ පළමු ඉනිමට වඩා කඩුලු 9ක් අතැතිව පිටුපසින් සිටින ලකුණු සංඛයාව 316කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]