රන්ජන්ගේ හඬපට නිසා විනිසුරු ධම්මික හේමපාල ප්‍රකාශයක් ලබාදීමට CCD යට

රන්ජන්ගේ හඬපට නිසා විනිසුරු ධම්මික හේමපාල ප්‍රකාශයක් ලබාදීමට CCD යට

රන්ජන්ගේ හඬපට නිසා විනිසුරු ධම්මික හේමපාල ප්‍රකාශයක් ලබාදීමට CCD යට

කර්තෘ Staff writer

21 Jan, 2020 | 3:55 pm

COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග සිදු කෙරුණු සංවාද හේතුවෙන් වැඩතහනමට ලක් වූ විනිසුරු ධම්මික හේමපාල මහතා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණ තිබේ.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

විනිසුරුවරුන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගනු ලබන්නේ පසුගිය දා නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දුන් උපදෙස් අනුවයි.

ආන්දෝලනාත්මක දුරකතන සංවාද සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු විනිසුරු පද්මිණී රණවක මහත්මිය ඊයේ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණියා ය.

පෙරේදා දිනයේදී මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ද පැය 5 ක කාලයක් ප්‍රකාශ ලබා දුන්නේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]