English
தமிழ்
කර්තෘ Staff writer
21 Jan, 2020 | 6:40 am
පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිත ය.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා නව සමාජිකයින් පත් කිරිම ඇතුළු පාර්ලිමේන්තුවේ බොහෝ කටයුතු සිදු කෙරෙන්නේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව මගිනි.
8 වන පාර්ලිමේන්තුවේ සිව් වැනි සැසිවාරයට අදාළව පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සඳහා කඩිනමින් සාමාජිකයින් නම් කරන්නැයි පසුගියදා කතානායකවරයා ද පක්ෂ නායකයින්ගෙන් ඉල්ලිමක් කළේය.
කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට දේශපාලන පක්ෂවල නායකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් ද ඇතුළුව පාර්ලිමේන්තුව නම් කරන සාමාජිකයින් 17 දෙනකුගෙන් සමන්විත ය.
චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, මහින්ද සමරසිංහ, ගාමිණි ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන සහ රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රිවරුන් නව දෙනාගේ නම්, ආණ්ඩු පක්ෂය නියොජනය කරමින් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ සමාජිකත්වය සඳහා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබේ.
පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දැක්වෙන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, විජිත හේරත්, රිෂාඩ් බදියුදීන්, චම්පික රණවක, මනෝ ගනේෂන්, නිරෝෂන් පෙරේරා, මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරුන්ගේ නම් විපක්ෂව නියෝජනය කරමින් ඉදිරිපත් වී ඇති බව ය.
10 Jan, 2022 | 05:08 PM
25 Mar, 2021 | 09:31 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS