21 ප්‍රහාරය: පෙත්සම් 12 ක් විභාග කිරීම ඇරඹේ

21 ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් 12 ක් විභාග කිරීම ඇරඹේ

by Staff writer 20-01-2020 | 3:23 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් 12 ක් විභාග කිරීම අද ආරම්භ විය.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත්පුද්ගල ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේදීයි. අද දින පෙත්සම් කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීන් මහත්මිය කියා සිටියේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමක් නොකරන බවයි. මෙම පෙත්සම්වලින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු නිලධාරීන් රැසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.