21 ප්‍රහාරය ගැන පුද්ගලයින් 41 කගෙන් සාක්ෂි

21 ප්‍රහාරය: පුද්ගලයින් 41 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගනී

by Staff writer 20-01-2020 | 3:03 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 41 දෙනෙකුගෙන් මේ වනවිට සාක්ෂි සටහන් කරගෙන ඇතැයි ඒ සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම පවසයි.

කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එහිදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මෙන් ම රජයේ වගකිවයුතු නිලධාරීන් කිහිපදෙනෙකු මේ වන විට කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබේ. ඊට අමතරව පොලීසිය, හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් ද සාක්ෂි දුන් පිරිසට අයත් ය. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් කිහිපදෙනෙකුගෙන් ද කොමිසම රහසිගතව සාක්ෂි ලබාගෙන තිබේ. මේ අතර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලී මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කොමිසම හමුවේ හෙට සාක්ෂිදීමට නියමිතයි. ඊට අමතරව තව ත් පුද්ගලයින් කිහිපදෙනෙකු කොමිසම හමුවට කැඳවීමට නියමිතව ඇතැයි ද අදාළ ප්‍රකාශකයා සඳහන් කළේ ය.