ලොව විශාලතම නිවුන් හමුව කොළඹදී

by Staff writer 20-01-2020 | 8:56 PM

COLOMBO (News 1st) - ලොව විශාලතම නිවුන් හමුව අද පස්වරුවේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. හමුව ආරම්භ වුයේ අද පස්වරු 4.30 පමණයි. ඊට දිවයිනේ නන්දෙසින් පැමිණි නිවුන්නුන් 12,492 දෙදෙනෙකු එක්ව සිටියේ ය. පූජ්‍ය පක්ෂය, ත්‍රිවිධ හමුදාව, වෛද්‍ය වෘත්තිය, හෙද සේවය, රජයේ උසස් ආයතනවල පිරිස් ඇතුළු විවිධ පාර්ශව නියෝජනය කරමින් ඊට නිවුන්නුන් එක්ව සිටිම විශේෂත්වයකි.