පූජිත් හා හේමසිරි යළි රිමාන්ඩ්

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු ලබන 03 වැනි දා තෙක් යළි රිමාන්ඩ්

by Staff writer 20-01-2020 | 1:27 PM

COLOMBO (News 1st) - අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ලබන 03 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අප්‍රේල් 21 වැනි දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වළක්වා නොගැනීමේ චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.