හිටපු විනිසුරු පද්මිණී රණවක CCD ය හමුවට

දුරකතන හඬපට: ප්‍රකාශයක් ලබාදීමට හිටපු විනිසුරු පද්මිණී රණවක CCD ය හමුවට

by Staff writer 20-01-2020 | 4:31 PM

COLOMBO (News 1st) - දුරකතන හඬපට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු විනිසුරු පද්මිණී රණවක කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණ තිබේ.

නීතිපතිවරයා පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදුන්නේ රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාදවලට සම්බන්ධ විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසයි. ඒ, අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද පස්වරු 2.00 ට හිටපු විනිසුරු පද්මිණී රණවක විනිසුරුවරියට ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙසට කැඳවීමක් කරනු ලැබ තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණි විනිසුරුවරියගෙන් මේ වන විට පොලිස් නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටි. කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ දිනයේදී මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන්ද දුරකතන හඬපට සම්බන්ධයෙන් පැය 5 ක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේ ය.