ගලිගමුවේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

ගලිගමුවේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

by Staff writer 20-01-2020 | 10:59 AM

COLOMBO (News 1st): කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව පාසල අසල සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ත්‍රීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය‍. ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එලෙස මියගොස් තිබේ. ත්‍රීරෝද රථයේ රියදුරුට නින්ද යෑම අනතුරට හේතු වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේය. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.