කෙහෙළිය හා ජයන්ත ශ්‍රී බණ්ඩාර නඩුවකින් නිදහස්

අල්ලස් කොමිසම පැවරූ නඩුවකින් කෙහෙළිය රඹුක්වැල්ල හා ජයන්ත ශ්‍රී බණ්ඩාර නිදහස්

by Staff writer 20-01-2020 | 4:06 PM

COLOMBO (News 1st) - අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවකින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයන්ත ශ්‍රී බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන් අද නිදහස් කර තිබේ.

මෙම නඩුව පවරා තිබුණේ, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් දෙලක්ෂ තිස් දහසක මුදලක් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික දුරකතන බිල් ගෙවීම සඳහා පෙළඹවුයේ යැයි කියන චෝදනා මතයි. මහාධිකරණය එම චෝදනාවලින් නිදහස් කිරීම හේතුවෙන් සැකකාර කෙහෙළිය රඹුක්වැල් හා ජයන්ත ශ්‍රී බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන් එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා ය.