විල්පත්තුවේ පිවිසුම් 2ක් යළි විවෘත කිරීමේ තීරණයක්

වසර 9ක් විල්පත්තුවේ වසා දමා තිබූ තන්තිරිමලේ හා මහවිලච්චිය පිවිසුම් යළි විවෘත කිරීමේ තීරණයක්

by Staff writer 20-01-2020 | 10:50 AM

COLOMBO (News 1st): විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වසර 9කට ආසන්න කාලයක් වසා දමා තිබූ තන්තිරිමලේ හා මහවිලච්චිය පිවිසුම් මාර්ග යළි විවෘත කිරීමට තීරණය කර ඇතැයි පරිසර හා වන ජීවි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ විල්පත්තු වනෝද්‍යානයේ මෝදරගම් ආරුවේ ඉහළ හා පහළ ඉවුරු යා කරමින් නව පාලමක් සහ වනෝද්‍යානයෙන් බැහැර වීම සඳහා නව මාර්ග ස්ථාපිත කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව ය. මේ අතර වනෝද්‍යානය අවට ඇති කුඩා වැව් 4ක් ප්‍රතිසංස්කරණය සඳහා ද අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ අවධානය යොමුව තිබේ. ඒ, යටතේ හුණුවිල, කුකුල් කටුව, මුණසිංහගම හා කටුපත්ගම යන වැව් ප්‍රතිසංස්කරණය කෙරෙනු ඇති.