by Staff writer 20-01-2020 | 8:23 AM
COLOMBO (News 1st): චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගුවන් තොටුපොළ සෞඛ්‍ය අංශ සීරුවෙන් තබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ ඒ, සඳහා චීනයේ සිට සෙම්ප්‍රතිෂ්‍යාව සහිතව පැමිණෙන ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව ය.
දැනට එම රෝගය මෙරට තුළ ව්‍යාප්තවීමේ අවධානමක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා චීනයේ සංචාරය ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙන්නේ එම වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍යාරක්ෂිත උපක්‍රම අනුගමනය කරන ලෙස ය.