"MCC ගිවිසුම ගැන එජාපයේ ප්‍රකාශය අසා මවිතයට පත් වුණා" - අගමැති

by Staff writer 19-01-2020 | 7:55 PM

COLOMBO (News 1st) - එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශය පිළිබඳ අසා තමා මවිතයට පත් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂ කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි. සිය ආණ්ඩුව කිසිදු හේතුවක් මත පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් හොරොන් මෙවැනි ගිවිසුම්වලට අත්සන් තබන්නේ නැතැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටි. එමෙන්ම තම රජය, රටට අහිතකර කිසිදු ගිවිසුමට අත්සන් නොකරන බව ද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ.