හෙරොයින් සමග සැකකරුවන් 3ක් අත්අඩගුවට

හෙරොයින් සමග සැකකරුවන් 3ක් අත්අඩගුවට

by Staff writer 19-01-2020 | 11:48 AM
COLOMBO (News 1st) : පෑලියගොඩ, ග්‍රෑන්ඩ්පාස් සහ ගල්කිස්ස ප්‍රදේශවලදී හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පෑලියගොඩදී හෙරොයින් ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 280 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය විසිනි. හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 270 ක් සමග ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හමුවූ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 260කි.