හුංගම රිය අනතුරකින් සිව්දෙනෙකු මරුට

හුංගමදී බස් රථයක් සහ ලොරියක් ගැටීමෙන් 4 ක් මරුට: 13කට තුවාලයි

by Staff writer 19-01-2020 | 10:04 PM

COLOMBO (News 1st) - අද රාත්‍රියේ හුංගම සිදු වූ රිය අනතුරකින් සිව්දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. රාත්‍රී 9.00 ට පමණ ලොරියක් හා කුඩා බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. ඒ, තංගල්ල - හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ හුංගම, බටඅත ප්‍රදේශයේදීයි. අප වාර්තාකරු පැවසුවේ, හුංගම, ගුරුපොකුණ ප්‍රදේශයේ පිරිසක් මේ අනතුරින් මියගොස් ඇති බවයි. කුඩා දරුවෙකු ද මිය ගොස් ඇති බවත් ලොරියේ රියැදුරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් අප වාර්තාකරු පැවසුවේ ය.