හැරී - මේගන් යුවළ රාජකීය නම්බුනාම අත්හරී

හැරී - මේගන් යුවළ රාජකීය නම්බුනාම අත්හරී

by Sagarika Chathumali 19-01-2020 | 6:47 AM
COLOMBO (News 1st) : බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැර තිබේ. ප්‍රකාශයක් නිකුත් කරමින් බකිංහැම් මාළිඟය කියා සිටියේ ඔවුන් දෙදෙනා තවදුරටත් රජ පවුලේ ක්‍රියාකාරී සාමාජිකයින් නොවන බැවින් එම තීරණය ගෙන ඇති බවයි . මේ අනුව ඔවුන්ට සිය රාජකීය කටයුතු වෙනුවෙන් තවදුරටත් මහජන ආධාර මුදල් හිමි නොවනු ඇති. ඒ අනුව ඔවුන් බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ ද නියෝජනය නොකරනු ඇති. මෙම නව ක්‍රියාවලිය මේ වසරේ වසන්ත සමයේදී බලාත්මක වනු ඇතැයි බකිංහැම් මාලිඟය නිවේදනය කළේ ය. හැරී මේගන් යුවලගේ අනාගතය පිළිබඳ රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් එක්ව පැවැත්වූ සාකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස එම නිගමනයට එළැඹි බව සඳහන් ය. කෙසේ වෙතත් හැරී , මේගන් සහ ආචී කුමරු සැමදා සිය පවුලේ ආදරණීය සාමාජිකයන් වනු ඇතැයි බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් රැජිණ වැඩිදුරටත් සඳහන් කළා ය.