සෙල්ල කතරගම ගැටුමක් : පුද්ගලයින් 34 ක් අත්අඩංගුවට

සෙල්ල කතරගම ගැටුමක් : පුද්ගලයින් 34 ක් අත්අඩංගුවට

by Staff writer 19-01-2020 | 7:36 AM
COLOMBO (News 1st) : දෙපිරිසක් අතර සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් කතරගම, සෙල්ල කතරගම ප්‍රදේශයේදී පුද්ගලයින් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හබරණ සහ පාදුක්ක ප්‍රදේශවල සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසකි. පොලීසිය සඳහන් කළේ, මොවුන් බීමත්ව මැණික් ගඟේ නිරුවතින් දිය නාමින් සිටියදී ඊට විරුද්ධ වූ ප්‍රදේශවාසීන් පිරිසක් සමග ඇතිවූ බහින්බස් වීමක් දුරදිගයාමෙන් ඊයේ පස්වරුවේ ගැටුම හටගෙන ඇති බවයි. සැකකරුවන් එල්ල කළ පහරදීම්වලින් ගම්වාසීන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. එම පිරිස අද තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.