ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් තරගය අද ඇරඹේ

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් තරගය අද ඇරඹේ

by Staff writer 19-01-2020 | 10:46 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වේ. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1. 30 ට හරාරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත්, මෙම තරගාවලිය අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියට අයත් නොවේ. ඒ, සිම්බාබ්වේ කණ්ඩායම එම ටෙස්ට් ලෝක ශූරතාවලියට ඇතුළත් නොවීම හේතුවෙනි. දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 18 ක් පවත්වා ඇති අතර, ඉන් තරග 13 ක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම කිසිදු තරගයක් ජයග්‍රහණය කර නොමැත. ටෙස්ට් තරග 5 ක් අවසන් වී ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.