විදුලිබල මණ්ඩලය ණය වී ණය ගෙවීමට සැරසෙයි

විදුලිබල මණ්ඩලය ණය වී ණය ගෙවීමට සැරසෙයි

by Staff writer 19-01-2020 | 7:26 AM
COLOMBO (News 1st) : ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති ණය පියවීම සඳහා තවත් ණය මුදලක් ගැනීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ. විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, රාජ්‍ය බැංකුවක් හරහා මෙම ණය මුදල ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යතු ණය මුදල රුපියල් බිලියන 84කි. මීට පෙර ඛනිජ තෙල් සංස්ථාව විදුලි මණ්ඩලයට කිහිප වතාවක්ම දැනුම් දුන්නේ ණය මුදල නොගෙවන්නේ නම් ඉන්ධන ලබා නොදෙන බවයි.