යේමනයට එල්ල වූ ප්‍රහාරයකින් හමුදා සෙබළු 60ක් මරුට

යේමනයට එල්ල වූ ප්‍රහාරයකින් හමුදා සෙබළු 60ක් මරුට

by Staff writer 19-01-2020 | 6:36 AM
COLOMBO (News 1st) : යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරානයේ සහය ලබන හූති කැරලිකරුවන් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි . ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි සෞදියේ රාජ්‍ය රූපවාහිනී නාලිකාව ප්‍රකාශ කළේ ය. එම මාධ්‍ය වාර්තා කළේ, බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යොදා ගනිමින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි . සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව , යේමනයේ හූති කැරලිකරුවන් මර්දනයට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති පසුබිමකදී එම ප්‍රහාරය එල්ල විය.