පුහුණු උපාධිධාරීන් 6000ක් ස්ථිර සේවයට

පුහුණු උපාධිධාරීන් 6000ක් ස්ථිර සේවයට

by Staff writer 19-01-2020 | 1:43 PM
COLOMBO (News 1st) : රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවාගත් උපාධිධාරීන් හය දහසක් ස්ථිර සේවයේ පිහිටුවීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඔවුන් ස්ථිර කිරීමට අදාළ සුදුසුකම් පරීක්ෂා කිරීමේ මණ්ඩල 10 ක් පත් කර ඇති බවයි. මෙම පිරිස රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනුණේ මීට වසරකට පෙරයි. ඔවුන් විවිධ රාජ්‍ය ආයතනවල කළමනාකරණය, පරිගණක තාක්ෂණය ඇතුළු විවිධ අංශවලට අනුයුක්තව පුහුණුවක් ලබාදුන් බව ලේකම්වරයා සඳහන් කළේ ය. මේ අතර රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවාගත් තවත් උපාධිධාරීන් පිරිසක් ස්ථිර සේවයේ පිහිටුවීමට අදාළව මූලික කටයුතු සම්පාදනය කර ඇතැයි, ලේකම්වරයා පැවසී ය.