පහර දීමකින් තුවාල ලැබූ පාතාලේ 'වස්තු' රෝහලේ

පහර දීමකින් තුවාල ලැබූ පාතාලේ 'වස්තු' රෝහලේ

by Staff writer 19-01-2020 | 6:58 AM
COLOMBO (News 1st) : කඩුවෙල, කොතලාවල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් සිදුකළ පහර දීමකින් තුවාල ලැබූ පාතාල කල්ල සාමාජිකයෙකු රෝහල්ගත කර තිබේ. පොලීසිය පැවසුවේ, කොතලාවල ප්‍ර‍දේශයේ පදිංචි 'වස්තු' යන අන්වර්ථ නාමයෙන් මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ සිදුවු පහරදීමකින් එලෙස තුවාල ලබා ඇති බවයි. 40 හැවිරිදි තුවාලකරු ඇතුළත් කර ඇත්තේ, මුල්ලේරියාව රෝහලටයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.