by Staff writer 19-01-2020 | 1:36 PM
COLOMBO (News 1st) : විනය කඩ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් 20 කට අධික පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය මේ වනවිට අත්හිටුවා ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසී ය.
ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණ කඩිනමින් පැවැත්වෙනු ඇති.
පසුගිය කාලයේ පක්ෂ තීරණවලට පිටු පා යමින් එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සමාජිකත්වය එලෙස අත්හිටුවා තිබේ.
මේ අතර විනය කඩ කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුට එරෙහිව ද පරීක්ෂණ ක්‍රියාත්මක බව එම නිලධාරිය සඳහන් කළේ ය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව යළි ලබන පළමු වෙනිදා සහ 8 වෙනිදා රැස්වීමට තිරණය කර තිබේ.
ඒ පක්ෂයේ තීරණයට එරහිව යමින් වෙනත් පක්ෂ සමග සම්බන්ධ වු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ විනය පරික්ෂණවලට අදාළව නිදහස් පක්ෂ විනය කමිටුව ඊයේ පෙරවරුවේ කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී රැස්වීමෙන් අනතුරුවයි.