ජනපතිවරණ සමයේ අක්‍රමිකතා සොයා විමර්ශනයක්

ජනපතිවරණ සමයේ රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සෙවීමට විමර්ශනයක්

by Staff writer 19-01-2020 | 9:04 AM
COLOMBO (News 1st) : ජනාධිපතිවරණ කාල සීමාවේදී රාජ්‍ය ආයතනවල සිදු වූ විවිධ අක්‍රමිකතා පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ, මැතිවරණ කොමිසමට ලද පැමිණිලිවලට අනුවයි. ඇතැම් අපේක්ෂකයින්ට පක්ෂපාතීව කටයුතු කිරීම, නීති විරෝධී පත්වීම් ලබා දීම යන ආදී පැමිණිලි ඒ අතර වේ. මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඒ අතර අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක්ම වන බවයි. විමර්ශනවලින් අනතුරුව එම ආයතනවල නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.