ගාල්ලට ලබන සතියේ සිට දෛනික ජල කප්පාදුවක්

ගාල්ලට ලබන සතියේ සිට දෛනික ජල කප්පාදුවක්

by Staff writer 19-01-2020 | 11:04 AM
COLOMBO (News 1st): ගාල්ල නගරයට ලබන සතියේ සිට දෛනිකව ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි සාමාන්‍යාධිකාරි ආර්.එච්. රුවනිස් මහතා සඳහන් කළේ, රාත්‍රි 11.00 සිට අලුයම 4 .00 දක්වා එම ජල සැපයුම අත්හිටුවන බවයි. පවතින වියළි කාලගුණය හේතුවෙන්, ගාල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට ජල සැපයුම සීමා කර ඇති බව ද ඔහු පැවසී ය. ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි, ඔහු ජනතාවට දැනුම් දෙයි. පවතින වියළි කාලගුණය තවදුරටත් පැවතිය හොත් අනුරාධපුරය, කන්තලේ සහ බණ්ඩාරවෙල ප්‍රදේශවලට ද ජල සැපයුම සීමා කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සමාන්‍යාධිකාරි ආර්.එච්. රුවනිස් මහතා ප්‍රකාශ කළේ ය.