මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වැල්ලම්පිටියේදී STF අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වැල්ලම්පිටියේදී STF අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වැල්ලම්පිටියේදී STF අත්අඩංගුවට

කර්තෘ Hashini De Mel

19 Jan, 2020 | 3:30 pm

COLOMBO (News 1st) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වැල්ලම්පිටිය, විජිත පාර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

එම බලකාය සඳහන් කළේ, හෑෂ් සහ අයිස් නැමති මත්ද්‍රව්‍ය තරාදියක් සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීමට යොදා ගන්නා ප්ලාස්ටික් කවර 550 ක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලීසියට භාරදී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]