සා/පෙළ ඇගයීම් කටයුතු නිසා පාසල් 3 ක් වසා දැමේ

2019 සා/පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු අද ඇරඹේ

by Staff writer 18-01-2020 | 7:17 AM

COLOMBO (News 1st) - 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු අද ආරම්භ වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, එම ඇගයීම් කටයුතු අද සිට ලබන 26 දක්වා පැවැත්වෙන බවයි. ඒ හේතුවෙන් පාසල් 3 ක් සම්පූර්ණයෙන් වසා තැබෙනු ඇති. ඒ අනුව මාතර මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ කුරුණෑගල මල්ලවපිටිය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය එම කාලය තුළ සම්පූර්ණයෙන් වසා තැබේ. මේ අතර 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි අදියරේ ඇගයීම් කටයුතු හේතුවෙන් තව ත් පාසල් 24 ක කොටසක් පමණ වසා තැබෙන බව ද අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසුවේ ය. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා ප්‍රකාශ කළේ, මෙම ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන් 7000 ක් යොදවා ඇති බවයි.