ත්‍රිවිධ හමුදා සමාජිකයින්ට පොදු සමා කාලයක්

සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සමාජිකයින්ට පොදු සමා කාලයක්

by Staff writer 18-01-2020 | 8:40 AM

COLOMBO (News 1st) - සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නැවත හමුදාවට භාරවීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝග මත ලබන මස 5 වැනි දා සිට දින 7 ක් එම පොදු සමා කාලය ක්‍රියාත්මකයි. එය පසුගිය වසරේ සැප්තැම්බර් මස 30 වැනි දිනට පෙර සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා පමණක් එය අදාළ වනු ඇති. පොදු සමා කාලය තුළ නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත්වීමට හෝ නැවත හමුදාව හා එක්වීමට හමුදා සමාජිකයින්ට අවස්ථාව හිමිවනු ඇති.