ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් 52ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ සිදු කළ මෙහෙයුමකින් ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් 52 ක් අත්අඩංගුවට

by Hashini De Mel 18-01-2020 | 12:07 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ මෙහෙයුමකදී ගණිකා වෘත්තියේ යෙදී සිටි බවට සැකපිට කාන්තාවන් 52 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. එහිදී ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 17 - 40 ත් අතර වයස්වල පසුවන්නන් වේ. අදාළ මෙහෙයුමේදී සම්භාහන මධ්‍යස්ථාන 32 ක් අධිකරණ නියෝග මත පරීක්ෂා කර ඇත. එහිදී නීති විරෝධි සම්භාහන මධ්‍යස්ථාන 18 ක් හඳුනා ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග හා උපදෙස් මත බස්නාහිර උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් එම වැටලීම් ක්‍රියාත්මක විය.